පුතා කළ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ මව.

ඊයේ (04) දින සැකකටයුතු ලෙස මියගිය සූරියවැව වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් ඇඹිලිපිටිය ආයුර්වේදය මාර්ගයේ තිබී සොයාගෙන තිබේ.
පුද්ගලයින් තිදෙනෙකු විසින් මෝටර් රථයකින් පැමිණ අදාළ කාන්තාව පැහැරගෙන ගොස් ඇති බවට පසුගිය 03 වැනිදා සූරියවැව පොලීසිය වෙත එම කාන්තාවගේ දියණිය විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදුකළ බව පොලීසිය පැවසීය.
ඒ අනුව කල විමර්ශනයකදී මිය ගිය කාන්තාවගේ මළසිරුර ඇඹිලිපිටිය ආයුර්වේදය මාර්ගයේ තිබී සොයාගෙන ඇත.
මියගිය කාන්තාවගේ පුත්‍රයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෝටලයක සේවය කරන බවත් හෝටල් හිමිකරුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඔවුන් පසුව පළාගොස් ඇති බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වීය.
ඔවුන්ගේ පළායාම හේතුවෙන් ඔවුන් සොයා මෝටර් රථයකින් පැමිණි හෝටලයේ හිමිකරු සහ තවත් දෙදෙනෙකු අදාළ කාන්තාව පැහැරගෙන ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇඹිලිපිටිය සහ සූරියවැව පොලීසිය එක්ව සිදු කරනු ලබයි.
293 Views
Comments