ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු සූදානම්

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලය පවසයි.
රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පැවසුවේ මුද්‍රණයට අදාළව සිදුකරනු ලබන පරීක්ෂා කිරීම් ඇතුළු මූලික කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවය.
අක්ෂර දෝශ සහ ඡන්ද පත්‍රිකාවල නිවැරදි කිරීම් ඇතුළු සියලු දේ නැවත පරීක්ෂා කර එහි නිරවද්‍යතාවය මැතිවරණ කොමිසමෙන් යළි විමසා බලා මුද්‍රණයට අදාළව සිදුකරනු ලබන කාර්යයන් මේ දිනවල සිදුකරන බව ඇය පැවසීය.
අනතුරුව පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ලබන සතියේදී සිදුකිරීමට නියමිතය.
263 Views
Comments