අද මධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල ඉහලට..

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්ම ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ.
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334කින් ඉහළ දැමෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,743ක් වේ.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 134කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,904ක් වන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේය.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 61කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 883ක් වේ.
333 Views
Comments