FEB
12
හෙට සහ අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

හෙට (13) පස්වරු 8.00 සිට අනිද්දා (14) පෙරවරු 6.00 දක්වා පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනි.
ඒ අනුව එම කාල සීමාව තුළ රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 1939 ක්ෂනික දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ වන ලෙස ද එම නිවේදනයේ දැක්වේ.
224 Views
Comments