අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක තොග අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක තොග අවසන්

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක තොග අවසන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, මේ වන විට රෝගී ප්‍රතිකාර සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140 කට අධික ප්‍රමාණයක තොග අවසන් වී ඇති බවයි.

 

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවිය යුතු බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

 

තවද, ඒ මහතා මෙම තත්ත්වය හමුවේ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා සමස්ත රෝහල් පද්ධතියේම සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම දැඩි අභියෝගයකට ලක්ව ඇති බව ද පැවසුවේ ය.

 

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ, ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරට ට ගෙන එනු ලබන ඖෂධවලින් 80% ක් ලියාපදිංචි කර නොමැති බවයි. 

 

මේ සඳහා ඖෂධ නියාමන අධිකාරිය  වගකිවයුතු බව ද ඔහු පැවසුවේ ය.

views

291 Views

Comments

arrow-up