රජයේ කොමිසමක ප්‍රබලයෙකු ගැන බුද්ධි අංශ විමර්ශන
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

රජයේ කොමිසමක ප්‍රබලයෙකු ගැන බුද්ධි අංශ විමර්ශන

රජයේ කොමිසමක ප්‍රබලයෙකු ගැන බුද්ධි අංශ විමර්ශන

බුද්ධි අංශ මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ, පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටි රජයේ කොමිසමක ප්‍රබලයකු රජයේ ප්‍රතිපත්තිමය තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කරමින් එම තීරණ වල උචිත අනුචිත බව පිළිබඳව ඍජු අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ය. මේ වනවිට සොයා බලාගෙන යනු ලබන්නේ, මෙම ප්‍රබලයා කොමිසමේ දැරූ තනතුරට අමතරව ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටින අතරතුර ඔහුගේ ව්‍යාපාරවලින් රජයට අයවිය යුතු බදු මුදල් ගෙවීම ඇතුළු අනෙකුත් මුදල් අයකිරීම් නිසි ආකාරයෙන් සිදු වී ඇද්ද යන්න යි.

 

ආරංචි මාර්ග පවසන්නේ, දැනට විදේශගතව සිටින මෙම ප්‍රබලයා දිවයිනට පැමිණි විගස මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි. ඔහු දිවයිනට පැමිණි විගස දැනට සීල් තබා ඇති ඔහුගේ නිල කාර්යාලය ද විවෘත කර ඔහු ඉදිරියේම පරීක්‍ෂා කිරීමට නියමිත බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.

views

287 Views

Comments

arrow-up