"2025 සිට අපි කන්නේ අපේම මිරිස්" ඇමති අමරවීර කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

"2025 සිට අපි කන්නේ අපේම මිරිස්" ඇමති අමරවීර කියයි

"2025 සිට අපි කන්නේ අපේම මිරිස්" ඇමති අමරවීර කියයි

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණය 2025 වන විට අප රටේම නිපදවීමට හැකි වනු ඇති බවයි. ඇමැතිවරයා සඳහන් කළේ, මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය විසින් හඳුන්වා දෙනු ලැබ ඇති ඉහළම අස්වැන්නක් ලබා දෙන නවතම හයිබ්‍රිඩ් මිරිස් විශේෂ දෙක වන MICH-1 සහ MICH-2 මිරිස් ප්‍රභේද සාර්ථක වීම හේතුවෙන් මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකි වන බවයි.

 

අපේක්ෂිත මිරිස් අස්වැන්න පහසුවෙන් ලබා ගත හැකිව තිබෙන්නේ, එම මිරිස් ප්‍රභේද දෙක මෙතෙක් අප රටේ මිරිස් වගාව අඩාළ කිරීමට බලපෑ කොළ කොඩ වීමේ රෝගය (Leaf Curl Complex) වැනි රෝග ගණනාවකට ඔරොත්තු දීමත්, ඉහළ අස්වැන්නක් හා එම මිරිස් බීජවලින්ම කන්න කිහිපයක් යන තෙක් උසස් අස්වැන්නක් ලබා ගත හැකි වීමත් නිසාවෙනි.

views

225 Views

Comments

arrow-up