අලවතුගොඩ 25 වියැති තරුණියක් අමානුෂික අයුරින් මරා මඩේ ඔබලා

නිවසේ තනිවම සිටි 25 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර නිවස අසල වෙල්යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී ප්‍රදේශවාසීන් විසින් අද දිනයේ දී සොයා ගනු ලැබ තිබේ. පොලිසිය පවසන්නේ, මහනුවර අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචි ධනුකා මධුවන්ති ජයතිලක නමැති 25 හැවිරිදි විවාහක කාන්තාව දරුවන් නොමැති ව සැමියා සමග නිවසේ තනිව ජීවත් ඇති බව ය.
ඊයේ 10 වනදා රාත්‍රියේ සැමියා ගමේ මළ ගෙදරකට ගොස් ඇති අතර මළ ගෙදර සිට පැමිණ බලද්දී බිරිඳ නිවසේ නොසිටි බවත් සැමියා පොලිසියට ප්‍රකාශ කර තිබේ. අද අලුයම සිට මෙම කාන්තාව සොයා ප්‍රදේශවාසීන් අවට ප්‍රදේශ පීරා ඇති අතර අද අලුයම් කාලයේ දී ඇගේ මළ සිරුර නිවසේ සිට මීටර් සීයක් පමණ දුරකින් පිහිටි වෙල් යායේ මඩ ඔබා තිබියදී ගම්වාසීන් විසින් සොයා ගනු ලැබ තිබේ.
රාත්‍රී 9.30 ට පමණ යටිගිරියෙන් කෑගහන ශබ්දයක් ඇසුණ බවත් දොරවල් ඇර බැලූ විට එම ශබ්දය නොඇසී ගිය බවත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි. මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතව තිබිණ.අලවතුගොඩ පොලිසිය විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
258 Views
Comments