ගාලුමුවදොරදී හෙරොයින් සමග අයෙක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ගාලුමුවදොරදී හෙරොයින් සමග අයෙක් අල්ලයි

ගාලුමුවදොරදී හෙරොයින්  සමග අයෙක් අල්ලයි

කොටුව පොලිසිය මගින් හෙරොයින් සහ රුපියල් ලක්ෂ 70 කට ආසන්න මුදලක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු මුවදොර ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කුඩා ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි රියදුරු ඊයේ (17) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

ලොරි රථයේ රියදුරු අසුන අසල වූ බෑගයක් තුළ තිබී රුපියල් 6949500 ක මුදලක් සොයා ගෙන ඇති අතර පොලිස් නිල සුනඛයින් යොදා රථය පරීක්ෂා කිරීමේදී රියදුරු අසුන යට තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 340 ක් සොයා ගෙන තිබේ.

 

පොලිසිය පවසන්නේ,එම අවස්ථාවේ සැකකරුගේ දුරකථනයෙන් පොලිස් නිලධාරීන් සමග සම්බන්ධ වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 5 ක මුදලක් ලබා ගෙන රියදුරු මුදාහරින ලෙස එම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව යි. අත්අඩංගුවට ගත් සැකකරු කළුතර උතුර ප්‍රදේශයේ 29 හැවිරිදි පදිංචි මත්ස්‍ය වෙළෙන්දෙකු බව පොලිසිය පැවසීය.

views

278 Views

Comments

arrow-up