පනාගොඩ කඳවුරෙන් ගිනි අවියක් සොරාගත් සෙබලා තවමත් නිදැල්ලේ

T56 ගිනි අවියක් සහ එම උණ්ඩ 90ක් සහිත මැගසින් තුනක් පනාගොඩ යුද හමුදා කඳවුරෙන් සොරකම් කළ යුද හමුදා සෙබළෙකු සොයා මිනිමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
සැකකාර සෙබළා ගිනි අවිය රැගෙන ගොඩගම පිහිටි විහාරස්ථානයකට පැමිණ ඇති බවත් එම විහාරස්ථානයේ නායක හිමිනම සමග සමීප සබඳතාවක් පවත්වා ඇති අදාළ සෙබළා එහිදී එම හිමිනමගෙන් ගිනි අවිය රැගෙන යාම සඳහා බෑගයක් ද ඉල්ලාගෙන ඉන් පළාගොස් ඇති බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
සැකකරුට ආධාර අනුබලදීම යටතේ සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර ඇත.
233 Views
Comments