MAR
04
ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිගේ මුදල් කොල්ල කෑ අය අල්ලයි

බොරැල්ල පොදු සුසාන භූමිය අසල දී ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ආනා පුංචිහේවා මහතාට තර්ජනය කර දෑත් වලට මාංචු දමා මුදල් කොල්ල කෑ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ල කෑ අත් ඔරලෝසුවක් ඇතුළු භාණ්ඩ නැවත ලබාදීමට නම් රුපියල් ලක්ෂ පහක මුදලක් රැගෙන කොළඹ කොටුවට පැමිණෙන ලෙස කොල්ලකරුවන් ලබාදුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් පොලිසියට සිදු කළ දැනුම්දීම මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
222 Views
Comments