පොළොන්නරුවේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

පොළොන්නරුවේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙක් මිය යයි

පොළොන්නරුවේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙක් මිය යයි

අද උදෑසන 5.30 ට පමණ පොළොන්නරුව මීගස්වැව, මයිලගස් හන්දිය ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු මියගොස් ඇත. අලියා මියගොස් සිටි ඉඩමේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකරු විසින් අනවසරයෙන් අදිනු ලැබූ විදුලි රැහැනක ගැටීමෙන් වන අලියා මියගොස් ඇති බවයි.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ අඩි 7 ක් පමණ උසකින් යුත් අවුරුදු 35 ක පමණ පිරිමි සතෙකි. වනජීවී නිලධාරීන් සහ පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

views

257 Views

Comments

arrow-up