විදුලි බිලට එරෙහිව ජනතාව වෙනුවෙන් අරගල කරන "ජනක"
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

විදුලි බිලට එරෙහිව ජනතාව වෙනුවෙන් අරගල කරන "ජනක"

විදුලි බිලට එරෙහිව ජනතාව වෙනුවෙන් අරගල කරන "ජනක"

විදුලි ගාස්තු ඉහළ දැමීම කිසිදු නෛතික පදනමක් මත සිදුවූවක් නොවන බවත්, එයට එරෙහිව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස ගත යුතු සියලුම නීතිමය පියවර ගන්නා බවත් ජනක රත්නායක මහතා අද ප්‍රකාශ කොට තිබේ.

 

තමන් රටේ නැති අතර සෙසු සාමාජිකයන් වැරදි ආකාරයකට රැස්වී නිශ්චිත ඝනපූර්ණයකින් තොරව මෙම විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය ලබාදුන් රැස්වීම පවත්වා ඇති බවද කියා සිටි ඒ මහතා, විදුලිබිල සංශෝධනය කරන ආකාරය විදුලිබල පනතේ ද පැහැදිලිව සඳහන් කර ඇති බව කියා සිටී.

 

එසේම, අඩු ආදායම් ලබන පාරිභෝගිකයන්ට සහන ලබාදීමේ තීරණය මහජන උපයෝගිතා කොමිසමේ කාර්යයක් මිස විදුලිබල මණ්ඩලයේ කාර්යයක් නොවන බව ද ඒ මහතා අවධාරණය කර සිටී.

views

269 Views

Comments

arrow-up