දේව වරමක් දෙන බවට රවටා දැරියකට සිදු කළ අපරාධය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

දේව වරමක් දෙන බවට රවටා දැරියකට සිදු කළ අපරාධය

දේව වරමක් දෙන බවට රවටා දැරියකට සිදු කළ අපරාධය

පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් අතවර කිරීම සහ අවුරුදු 11 මාස  10 ක්  වයසැති බාලවයස්කාර දැරියක් දුෂණය කිරීම යන කරුණු සම්බන්ධයෙන් කට්ටඬියෙකු අත්අඩංගුවට ගත් බව  ඕපාත පොලීසිය  පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තවලම,  4 කණුව ප්‍රදේශයේ  පදිංචි 29 හැවිරිදි වියේ පසුවන විවාහකයෙකි.

 

 මෙම පුද්ගලයා සාස්තර කීම සදහා වරමක් දෙන බව පවසා, දැරියගේ නිවස තුළ දී අවුරුදු 11 ක් සහ මාස 10 ක් වයසැති දැරිය දුෂණය කොට තිබේ. මෙම දැරියගේ පියා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වීම නිසා එය නතර කිරීම සඳහා ගුරුකමක් කිරීමට දැරියගේ මව විසින් කට්ටඩියා ගෙන්වා තිබිණි. මෙහිදී දැරියගේ නිවසට පැමිණි කට්ටඩියා දැරිය දැක ඇයට දේව වරමින් සාස්තර  කීම සඳහා වරමක් ලබා දිය හැකි බව පවසා ඇත. පසුව කට්ටඬියා විසින් දැරියගේ දෙමාපියන් නිවසේ පිටතින් තබා දැරියට ආරූඪය ලබාදීමට බව පවසමින් ඇය නිවස තුළට රැගෙන ගොස්  අතවර කර තිබේ . විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවේ මෙම සැකකාර කට්ටඬියා විසින් දැරිය දුෂණයට ලක් කර ඇත. පසුව එම දැරිය මේ පිළිබඳව මවට පවසා ඇති අතර මව විසින් පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව ඕපාත පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. මෙම පුද්ගලයා විසින් අවුරුදු  15 යි මාස 10 ක් වියැති පාසල් සිසුවියක් නෙළුව ප්‍රදේශයට  රැගෙන ගොස් ඇයට ද අතවර කොට ඇති බව පොලිසිය පවසයි. 

 

පොලිස් ස්ථානාධිපති චන්දිමාල් ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

views

217 Views

Comments

arrow-up