FEB
05
අද කාලගුණය

අද (05) දින දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල හා හම්බන්තොට සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය.
එසේ ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල හා ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
තව ද උදෑසන කාලයේ දී බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට මද වැසි ඇතිවිය හැකිය.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
250 Views
Comments