ඩොලර් නොමැති නිසා පොලිස් අශ්වයන්ටත් දේශීය ආහාර

පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අශ්වයින්ට ඩොලර් අර්බුදය හේතුවෙන් දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වූ බව එම කොට්ඨාසය පවසයි.
පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය විසින් විදෙස් රටවලින් මෙම අශ්වයින්ට ලබාදෙන ආහාර ආනයනය කිරීම අපහසු වීමත් සමග පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.
ඒ අනුව, දේශීය ආහාර ලබාදීමට පියවර ගෙන තිබු අතර පසුගිය මාස තුනක කාලයේදී අශ්වයින්ට කොල්ලු, කඩල, මුං ඇට සහ බඩඉරිගු වැනි ආහාර දෙනු ලැබුණි. පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය පවසන්නේ, ඒ අනුව මේ වන විට මෙම අශ්වයින්ගේ බර ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවය.
විදෙස් රටවලින් ආනයනය කරන ආහාර වර්ග නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ මෙම අශ්වයින්ගේ බර ක්‍රමයෙන් අඩුවී තිබූ අතර ඔවුන් කෘෂ වීමට පටන් ගත් බව අශ්වාරෝහක කොට්ඨාසය සඳහන් කළේය.
245 Views
Comments