තවමත් වැඩ නිමාවක් නැති නාත්තන්ඩියේ තුම්මෝදර පාලම

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන තදබදයට විකල්පයක් ලෙසට 2020 වසරේ සැප්තැම්බර් මස ඉදිකිරීමට ආරම්භ කෙරුණු නාත්තන්ඩිය, තුම්මෝදර පාලමේ වැඩ අතරමග නවතා දැමීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වේ.
රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වැය කර ඉදි කිරීම් ආරම්භ කළ මෙම පාලමේ වැඩ 2021 වසරේ දෙසැම්බර් 19 වනදා ට පෙර අවසන් කිරීමට නියමිතව තිබුණත්, එය මෙතෙක් සිදු වී නොමැති අතර හැමිල්ටන් ඇල පිටාර ගැලීමත් සමග මෙම පාලමේ දෙපස ඛාදනයට ලක් වන බවත් එය පාලමේ ඉදිකිරීම් සිදුකර ඇති කොටසට ද හානි පමුණුවන බවත් වාර්තා වේ.
නව පාලම ඉදිකිරීමේදී ගලවා ඉවත් කළ පැරැණි පාලමේ සුන්බුන්ද තවමත් තැන තැන ගොඩ ගසා ඇති අතර එම ස්ථානය මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා සිදු වන ස්ථානයක් බවට ද ප්‍රදේශ වාසීහු චෝදනා කරති.
226 Views
Comments