කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් ඝාතනයේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් ඝාතනයේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් ඝාතනයේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි

පසුගියදා ඉන්දුනීසියාවේදී ඝාතනය කෙරුණු කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාට, ඔහු විවාහ වී සිටි බ්‍රසීල ජාතික කාන්තාවගෙන් අවස්ථා කිහිපයක දී මරණ තර්ජනය එල්ල වී තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන තිබේ.

 

මෙම යුවළ අතර දේපළ සම්බන්ධයෙන් නිතරම අඬදබර හටගෙන ඇති බවත්, එවැනි අවස්ථාවල දී ඔහුව මරා දමන බවට මෙම කාන්තාව තර්ජනය කර ඇති බවත් නිවසේ සේවකයන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත.

 

මෙම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ඔනේෂ් ගේ බ්‍රසිල ජාතික බිරිඳගේ සේවිකාව එම නිවසේ හැසිරි ඇත්තේ මෙහෙකාරියක් ලෙසට නොව ඔහුගේ බිරිඳගේ සොයුරියක තරම් සමීපව බවට ද තොරතුරු හෙළිදරව් වී ඇති අතර ඔවුන් නිදා ගෙන ඇත්තේ ද එකම කාමරයේ බව විමර්ශන කණ්ඩායම් පවසයි.

 

මෙම කාන්තාව මාෆියා කල්ලියක ක්‍රියාකාරී සාමාජිකාවක් බවට ද හෙළි වී ඇති අතර ඔනේෂ් ඝාතනයෙන් පසු ඔවුන් දෙදෙනා දෝහා කටාර් හරහා බ්‍රසීලයේ සාඕ පාවුලෝ වෙත පලා ගොස් ඇති බව මේ වනවිට හෙළි වී තිබේ.

views

238 Views

Comments

arrow-up