ගෝලීය ආපදා අවස්ථා වලදී හමුදා සහන කණ්ඩායම් යවන වැඩපිළිවෙලක් ගැන ජනපති කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ සෞඛ්‍ය ව්‍යසනයන්හි දී හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බවයි. කටුනායක දී හමුදා වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ විද්‍යායතනයට එක්වෙමින් ජනාධිපතිවරයා විසින් මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ, ලොව ස්වාභාවික ආපදා සිදුවන අවස්ථාවන්හි දී හමුදා සාමාජිකයන් විදේශ ගත කිරීමේ ඒකකයට අමතරව මෙම ඒකකය ස්ථාපිත කරන බවයි.
වත්මන් අර්බුදකාරි තත්වය හමුවේ ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ ලබා ගැනීමට නියමිත බවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබාදීමට රජය කටයුතු කරන බවත් මෙහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළේය.
220 Views
Comments