පොලිස් නිලධාරීන් වෙසින් පැමිණ යතුරුපැදි ඉස්සු කල්ලියක් දැලේ

ජාඇල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් බව පවසමින් යතුරුපැදිවල ලේඛන රැගෙන ගොස් පසුව ඒවා සොරකම් කළ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සමත් වී තිබේ.
සැකකරුවන් සමග යතුරුපැදියක්, මුදල් සහ රන් භාණ්ඩ ද සිය භාරයට ගැනීමට වැටලීම් නිලධාරීන් කටයුතු සිදු කර තිබේ. බියගම, කඳාන, කිරිබත්ගොඩ සහ කොල්ලුපිටිය ආදී ප්‍රදේශ ගණනාවක මොවුන් සොරකම් සිදු කර ඇති අතර ඒවා ආරක්ෂක කැමරාවල සටහන්ව තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කටුනායක සහ ජාඇල ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වේ.
235 Views
Comments