ප්‍රදේශ කිහිපයක වායු දුෂණ තත්වයක්

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක අද උදෑසන 8 වන විට වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව කොළඹ නගරයේ වායු ශුද්‍ර අංශු මට්ටම 52 ක් ව පවතින අතර ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව එය 149 ක් වේ.
ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව ගාල්ල කරාපිටිය 146 ක්, බදුල්ල නගරයේ 151 ක්, පුත්තලම නගරයේ 149 ක්, පොළොන්නරුව නගරයේ 143 ක් ලෙස දැක්විණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි ඇතිවිය හැකි බවයි.
නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
226 Views
Comments