හෙට සිට ග්ලුකෝමා සතියක් ප්‍රකාශයට පත් කෙරේ

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ලෝක ග්ලුකෝමා දිනයට සමගාමීව හෙට සිට ලබන 18 වනදා දක්වා ජාතික ග්ලුකෝමා සතියක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. ලෝක ග්ලුකෝමා දිනය හෙටට යෙදී ඇති අතර මෙවර එහි තේමාව වන්නේ “ලෝකය දීප්තිමත්ය. ඔබේ පෙනීම සුරකින්න” යන්නයි.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, ග්ලුකෝමා රෝගී තත්ත්වය හේතුවෙන් ලෝකයේ මිලියන 4.5 ක පමණ ජනතාවක් අන්ධභාවයට පත්ව ඇති අතර තවත් මිලියන ගණනක් අල්ප දෘෂ්ඨිකතාවයෙන් පෙළෙන බවයි. වයස අවුරුදු 40 ට වැඩි පිරිස් වසර 2 කට 3 කට වරක්වත් ග්ලුකෝමා සඳහා අක්ෂි පරීක්ෂාව සිදුකර ගත යුතු වේ.
මෙම රෝගී තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම සතිය තුළ දීප ව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍ය ශිෂ්‍යයින් සහ වෛද්‍යවරුන් සඳහා පුහුණු වැඩසටහන් සහ සායන පැවැත්වේ.
එමෙන්ම කුඩා දරුවන්ට කන් ආශ්‍රිත ආබාධ පවතින්නේ නම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස උගුර, කණ, නාසය පිළිබඳ ශල්‍ය විශේෂඥ චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසයි.
249 Views
Comments