රජයේ මුද්‍රණාලයේ සැපයුම්කරුවන්ට කෝටි 50 ක පොල්ලක්

රජයේ මුද්‍රණාලයට භාණ්ඩ සැපයූ සැපයුම්කරුවන් පහළොස් දෙනකුට මහ භාණ්ඩාගාරය රුපියල් කෝටි 50කට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නොමැති බව ආරංචි මාර්ග පවසයි.
මේ හිඟ මුදල් හේතුවෙන් බොහෝ සැපයුම්කරුවන් රජයේ මුද්‍රණාලයට තවදුරටත් භාණ්ඩ සැපයීමට අදි මදි කරන තත්වයක් පෙනෙන්නට ඇති බවත්, හිඟ මුදල් කොටස් වශයෙන් හෝ ගෙවන ලෙස රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මහ භාණ්ඩාගාරයෙන් පසුගියදා ඉල්ලීමක් කොට තිබෙන බවත් සඳහන් වේ.
හිඟ මුදල් මෙලෙස ගෙවීමට ඇත්තේ කඩදාසි, ටෝනර්, තීන්ත යනාදී භාණ්ඩ සපයන ලද සැපයුම්කරුවන්ට වන අතර ඩොලරයේ මිල ඉහළ යෑම හේතුවෙන් කඩදාසි ඇතුළු සියලුම අමුද්‍රව්‍යවල මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.
236 Views
Comments