ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ නවත්වන්න ගිය හැටන් වීරයා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ නවත්වන්න ගිය හැටන් වීරයා

ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ නවත්වන්න ගිය හැටන් වීරයා

ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයකු දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබේ.

 

තුවාල ලැබූ පුද්ගලයා දුම්රිය ස්ථානයේ සේවය කරන සේවකයින් පිරිසක් එක්ව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර අද (18) පස්වරු 1 ට පමණ මෙම පුද්ගලයා දුම්රියේ ගැටී ඇත්තේ රොසැල්ල - හැටන් දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි මල්ලිඅප්පුව ප්‍රදේශයේදී ය.

 

හැටන් පොලිසිය සඳහන් කළේ, මීට දින 4 කට පෙර මෙම පුද්ගලයාගේ නිවසේ ඇති වූවා යැයි කියන පෞද්ගලික ආරවුලක් හේතුවෙන් උරණ වූ තුවාලකරු අධික ලෙස බීමත්ව දුම්රිය මාර්ගය මැදට වී ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ කර තිබෙන බවයි.

 

පසුව දුම්රියේ ගැටී රේල් පාරෙන් පිටතට මෙම පුද්ගලයා විසි වී ඇත. තුවාල ලැබූ පුද්ගලයා 41 හැවිරිදි දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචි කරුවෙක් වේ.

views

271 Views

Comments

arrow-up