මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රකා දින 5 ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20ත් 25ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.
මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දුන් බවයි.
මුද්‍රණාලයාධිපතිනිය කරන ලද ඉල්ලීම අනුව පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව සහ අවශ්‍ය දින පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙස හා ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබාදිය හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) විසින් දන්වා ඇති බවත්, කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමට අදාළ ඉන්ධන ලබා දීමේ තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට ද එකතාව පළ කර තිබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
තවද ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප පමණක් ඡන්දය ප්‍රමාද වන කාලය තුළ ගෙවීමට සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.
216 Views
Comments