සබරගමු සරසවියේ ගැටුමකින් හතක් රෝහලේ

ඊයේ (10) දා රාත්‍රියේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පැවැති වොලිබෝල් තරගාවලියක් අතරතුර සිසුන් පිරිසක් අතර ඇති වු ගැටුමක දිි සිසු සිසුවියෝ 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගනුම ලබන කළමනාකරණ පිිඨයේ සහ ව්‍යවහාරික විද්‍යපිිඨයේ සිසුන් පිරිසක් බලන්ගොඩ මුලික රෝහලට සහ පඹහින්න ප්‍රදේශිය රෝහලට ඇතුලත් කර තිබෙන අතර සිසුවියෝ 04 දෙනෙකු සහ සිසුන් 03 දෙනෙකු මෙලෙස රෝහල් ගත කර තිබෙන බව පොලිසිය පවසයි.
පසුගිය දා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් පළමු වසරේ සිසුන්ට හැර අනිකුත් සිසුන් සදහා සබරගමුව විශ්වවිද්‍යාලය වසා තැබුණි. එවැන් පසු බිමක මෙලෙස වොලිබෝල් තරගාවලියක් අතරතුර පළමු වසරේ සිසුන් පිරිසක් අතර තවත් ගැටුමක් ඇති වි තිබේ.
221 Views
Comments