MAR
18
කඳපොල තේ කර්මාන්තශාලාවක් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශයි

නුවරඑළිය කඳපොළ එස් කඩේ තේ වතුයායේ මහල් දෙකකින් යුත් තේ කර්මාන්තශාලාවක් අද 18 අලුයම 2.00 ට පමණ හදිසි ගින්නක් හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.
ගින්න හටගත් අවස්ථාවේ තේ කර්මාන්ත ශාලාව තුළ කිසිවෙකුත් සිට නොමැති අතර, තේ කිලෝ තිස්දාහකට අධික ප්‍රමාණයක් එහි ගබඩා කර තිබූ බවත්, සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් පොලිසිය සඳහන් කර සිටී.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කඳපොළ පොලිසිය විසින් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
264 Views
Comments