රාජ්‍ය ආයතන 400ක් විකුණා දැමීමට සැරසෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලිට්‍රෝ ගෑස් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු ආයතන හතක් ප්‍රතිව්‍යුහගත කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම් වලට අනුව ඉදිරියේදී රාජ්‍ය ආයතන හාරසියයක් පමණ ප‍්‍රතිව්‍යුහගත කිරීමට සිදු වනු ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කොට සිටියේය.
රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂ ඒකකයක් මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති අතර, එම ඒකකය විසින් නිර්දේශ කරනු ලබන රාජ්‍ය ආයතනයන් ප්‍රතිව්‍යුහගත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිත බවද, ව්‍යාපාර කිරීමෙන් ක‍්‍රමානුකූලව ඉවත් වීමට මෙම වැඩපිළිවෙල හරහා රජය බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
277 Views
Comments