තියුණු ආයුධයකින් පහර දී අඟුණුකොලපැලැස්සේ අයෙක් මරා දමලා

අඟුණුකොළපැලැස්ස, දන්දෙණිගම ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රියේ පුද්ගලයෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අඟුණුකොළපැලැස්ස තේරැංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 51 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, මොහු ගොයම් කපන යන්ත්‍රයක හිමිකරුවෙක් බවද වාර්තා වේ.
ඔහුගේ සේවකයෙක් දන්දෙණිගම ප්‍රදේශයේ එම යන්ත්‍රයෙන් වැඩ කරමින් සිටින අතරතුර මෙම පුද්ගලයා ත්‍රීරෝද රථයෙන් එම ස්ථානයට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසා සිටින අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද සඳහන් කර සිටී.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට අඟුණුකොළපැලැස්ස පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
278 Views
Comments