යල කන්නය වෙනුවෙන් පොහොර බෙදා දීමට විධිමත් වැඩපිළිවෙලක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

යල කන්නය වෙනුවෙන් පොහොර බෙදා දීමට විධිමත් වැඩපිළිවෙලක්

යල කන්නය වෙනුවෙන් පොහොර බෙදා දීමට විධිමත් වැඩපිළිවෙලක්

යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී රජය සම්බන්ධ නොවී ගොවීන්ට පොහොර ලබාදීමට නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ගොවිජන සේවා කොමසාරිස් වරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

 

යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම වෙනුවෙන් රජය මැදිහත් වන නමුත්, ඉදිරියේදී ඉන් ඉවත්වන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙහිදී දැනුම් දී තිබේ.

 

පොහොර ලබා දීමට අවශ්‍ය මුදල් රජය විසින් ලබාදෙන අතර, රජය මැදිහත්ව ලබාගන්නා විදේශාධාර පොහොර ආනයනය කරන පුද්ගලික අංශයේ ආයතන වෙත ලබා දී පොහොර මිල අඩු කිරීමට පමණක් රජය මැදිහත් වන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

views

277 Views

Comments

arrow-up