කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙක් ගිලී මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙක් ගිලී මිය යයි

කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙක් ගිලී මිය යයි

නවගමුව - මාපිටිගම පාලම අසල කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණයන් සිව් දෙනෙකු අතරින් තිදෙනකු ඊයේ (31) සවස සැඩපහරකට ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

 

එහිදී එක් තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් දෙදෙනාගේ දිවි ගලවා ගැනීමට හැකිව ඇති බව පොලිසිය සදහන් කර සිටී.

 

නාවික හමුදා කිමිදුම් ඒකකයේ නිලධාරීන් විසින් දියේ ගිලී මිය ගිය තරුණයාගේ මෘත ශරීරය අද සොයාගෙන ඇති බව සදහන් වේ.

 

මෙසේ මියගොස් ඇත්තේ හබරගල ප්‍රදේශයේ පදිංචි ජනිත් මහේන්ද්‍ර නැමැති 21 හැවිරිදි තරුණයෙක් බව සඳහන් වේ.

 

කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු මෙම තරුණයන් සිවුදෙනා ඊයේ සවස කැලණි ගඟේ දිය නාමින් සිටියදී එක් තරුණයෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇත.

 

ඔහුව බේරා ගැනිමට තවත් තරුණයන් දෙදෙනෙකු දියට පැන ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා ද ගසාගෙන ගොස් ඇති බවත්, අසල සිටි ප්‍රදේශවාසීන් විසින් තරුණයන් දෙදෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බවත් නවගමුව පොලිසිය සඳහන් කර සිටී.

views

278 Views

Comments

arrow-up