මාසිකව බිත්තර මිලියන 30ක් ආනයනය කිරීමට සැලසුම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

මාසිකව බිත්තර මිලියන 30ක් ආනයනය කිරීමට සැලසුම් කෙරේ

මාසිකව බිත්තර මිලියන 30ක් ආනයනය කිරීමට සැලසුම් කෙරේ

මාසිකව බිත්තර මිලියන 30 ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා සිටී.

 

වෙළඳ, කෘෂිකර්ම සහ මුදල් අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

ඒ අනුව අවශ්‍ය වුවහොත් මසකට බිත්තර මිලියන 30 ක් පමණ ආනයනය කිරීමේ හැකියාව පවතින බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

 

කෙසේ වෙතත් විශාල ප්‍රමාණවලින් බිත්තර ආනයනය කිරීමට උනන්දු නොවන අතර දේශීය නිෂ්පාදකයින්ට ප්‍රමාණවත් තරම් බිත්තර, හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇති හැකියාව සහ සාධාරණ මිලකට විකිණීමට ඇති කැමැත්ත මත ආනයනය කරන සංඛ්‍යාව රඳා පවතිනු ඇති බව අමාත්‍ය නාලින් ප්‍රනාන්දු මහතා වැඩ දුරටත් කියා සිටියේය.

 

බිත්තර ආනයනය කිරීමට තීරණය කිරීමෙන් පසු මේ වන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන තුනක් මෙරටට රැගෙනවිත් තිබෙන බව සඳහන් වේ.

views

244 Views

Comments

arrow-up