හබරාදූවේ විශේෂ වැටලීම් - හෝටල්, බේකරි රැසකට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

හබරාදූවේ විශේෂ වැටලීම් - හෝටල්, බේකරි රැසකට වැඩ වරදී

හබරාදූවේ විශේෂ වැටලීම් - හෝටල්, බේකරි රැසකට වැඩ වරදී

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ සිදු කළ හදිසි වැටලීම් වලින් ආයතන 19 කට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, තවත් ස්ථාන 09 කට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගත් බව හබරාදූව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසා සිටී.

 

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් උත්සව සමය හා ආහාර සෞඛ්‍ය සතිය නිමිති කොටගෙන උණවටුන, අහංගම, කොග්ගල, තල්පේ ආදි ප්‍රදේශවල විශේෂ වැටලීමක් සිදුකර තිබේ.

 

එහිදී, සෞඛ්‍යය ක්‍රියාමාර්ග හා උපදේශයන් උල්ලංඝණය කරමින් කටයුතු කළ බේකරි නිෂ්පාදන ආයතන 5 කට සහ හෝටල්, තොග සහ සිල්ලර වෙළෙඳසැල් ඇතුළු ස්ථාන 19 ක් සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසා සිටී.

 

එහිදී, තවත් ස්ථාන 09 කට දැඩි ලෙස අවවාද සිදු කොට එම ස්ථාන සඳහා රතු නිවේදන නිකුත් කිරීමටද පියවර ගෙන තිබුණි.

 

මෙහිදී අධිකරණ ක්‍රියාමාර්ග ලබාගත් ස්ථාන සඳහා නැවත ඒවා නිවැරදි කොට අධිකරණ ක්‍රියාමාර්ග මත නැවත එම ස්ථාන පවත්වාගෙන යාමට කටයුතු කෙරෙන බව වාර්තා වන අතර මෙම වැටලීම් වල දී රුපියල් 14,22,000 කට ආසන්න මුදලක් දඩ මුදල් වශයෙන් අයකර ගෙන ඇති බවද වාර්තා වේ.
 

views

257 Views

Comments

arrow-up