APR
01
රුවන්වැල්ලේ රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස කාන්තාවක් මරුට

රුවන්වැල්ල සියඔලාව ප්‍රදේශයේ දී ඊයේ බස් රථයකට ගොඩ වීමට පැමිණි කාන්තාවක් එම බස් රථයටම යට වීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
වරකාපොල-අඟුරුවැල්ල මාර්ගයේ අඟුරුවැල්ල දෙසට ධාවනය වූ බස් රථයකට එම කාන්තාව ගොඩවීමට යාමේදී බස් රථයේ ඉදිරිපස ගැටී ඇති අතර, ඉන්පසු ඉදිරිපස රෝද වලට යටවී ඇති බව පොලිසිය සඳහන් කර සිටී.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති බව රුවන්වැල්ල පොලිසිය සඳහන් කර සිටී.
262 Views
Comments