ලබන මාසයේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් අප්‍රේල් 10 වැනිදාට පෙර

ලබන මාසය සඳහා වන රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා ඇතුළු දීමනාවන් අප්‍රේල් 10 වැනිදාට පෙර ලබාදීමට කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබේ.
එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය සැලකිල්ලට ගනිමින් එම දිනයට පෙර මෙම ගෙවීම් සිදුකිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා කෑගල්ලේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඊට අදාල කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
281 Views
Comments