වරාය නගරයේ සාදයක ගැටුමකින් තරුණයෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

වරාය නගරයේ සාදයක ගැටුමකින් තරුණයෙකු මරුට

වරාය නගරයේ සාදයක ගැටුමකින් තරුණයෙකු මරුට

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පැවැත්වූ සාදයක් අතරතුර හටගත් ගැටුමකින් අවුරුදු 25ක් වයසැති තරුණයෙකු මිය ගොස් තිබේ. ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය ප්‍රකාශ කරයි.

 

වරාය නගර පරිශ්‍රයේ පිරිසක් එක් වී සංවිධානය කර තිබූ සාදයක් අතරතුර සිදුවූ පහරදීමකින් එම තරුණයා තුවාල ලබා ඇති බවත්, අද අලුයම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.  සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

views

263 Views

Comments

arrow-up