නිල් මහ සටනේ ජය රාජකීයයන්ට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

නිල් මහ සටනේ ජය රාජකීයයන්ට

නිල් මහ සටනේ ජය රාජකීයයන්ට

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහ සටන ලකුණු 181 කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් විය.

 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට කොළඹ රාජකීයයන්ට අවස්ථාව ලැබුණු අතර සිය පළමු ඉනිමට කඩුළු 8 ක් දැවී ලකුණු 326 ක් රැස්කර ගෙන සිටියදී ඔවුන් සිය ඉනිම අත්හිටවනු ලැබීය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 153 ක් පමණි.

 

කොළඹ රාජකීයයන් සිය දෙවන ඉනිමට ලකුණු 168 ක් රැස් කළ අතර ශාන්ත තෝමස් විද්‍යාලය රැස් කළේ ලකුණු 161 ක් පමණි. මේ අතර ජයග්‍රහණය වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය මාර්තු 20 වනදා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

views

242 Views

Comments

arrow-up