අඟුරුවාතොට ගැටුමක් දුරදිග යාමෙන් එක් අයෙක් මරුට

අඟුරුවාතොට බටගොඩ හන්දියේ ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් එක් අයෙක් මිය ගොස් තවත් පස් දෙනෙක් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බටගොඩ යටවර ප්‍රදේශයේ පදිංචිව සිටි මංගල ප්‍රේමවර්ධන නැමැති 36 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහුගේ සිරුර අද අලුයම වෙල්යායක තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.
සිද්ධියෙන් තුවාල ලැබූ දෙපිරිසේම පුද්ගලයන් පස්දෙනෙකු කොළඹ නාගොඩ හා හොරණ රෝහල්වල ප්‍රතිකාර ලබන අතර, සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද සඳහන් වේ.
බටගොඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් බටගොඩ හන්දියේ දී මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටී. මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අඟුරුවාතොට පොලිසිය විසින් සිදු කෙරේ.
247 Views
Comments