විශේෂ කරුණක් සඳහා පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

විශේෂ කරුණක් සඳහා පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවයි

විශේෂ කරුණක් සඳහා පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා අප්‍රේල් 03 වැනිදා අධිකරණය හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

 

 

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් මියයාම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරමින් මීට පෙර නිකුත් කළ අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙලෙස පොලිස්පතිවරයා අධිකරණයට කැඳවා ඇත. 

 

 

එස්. තුරෙයිරාජා, එම්. ඩී. නවාස් සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දින පොලිස්පතිවරයා අධිකරණය හමුවට කැඳවීමේ නියෝගය නිකුත් කර තිබේ.

views

244 Views

Comments

arrow-up