ජාතික ශිෂ්‍යභට බලකාය සංවර්ධනය කිරීමට සැලසුම්

ජාතික ශිෂ්‍යභට බලකායේ (NCC) විෂය මාලාව නැගී එන ප්‍රවණතා වලට ගැළපෙන පරිදි සංශෝධනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත.
විෂයමාලා සංශෝධනයට අමතරව රන්ටැඹේ NCC පුහුණු මධ්‍යස්ථානය හැර විකල්ප ස්ථානයක NCC පුහුණුව පුළුල්ව හා පහසුකම් සහිතව සිදු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.
තෙන්නකෝන් මහතා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි යුද හමුදා මූලස්ථානයේ සිකුරාදා (31) පැවති රැස්වීමකදී NCC නිලධාරීන් අමතමිනි.
ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් චන්න වීරසූරිය සහ NCC අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.
366 Views
Comments