ගම්පහ ඩෙංගු මඩින්න විශේෂ වැඩපිළිවෙලක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

ගම්පහ ඩෙංගු මඩින්න විශේෂ වැඩපිළිවෙලක්

ගම්පහ ඩෙංගු මඩින්න විශේෂ වැඩපිළිවෙලක්

ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා, වන්ධ්‍යකරණයට ලක් කරන ලද පිරිමි මදුරුවන් දස ලක්ෂයක් එකවර පරිසරයට මුදාහැරීමට කැලණි විශ්වවිද්‍යාලයේ අනුක වෛද්‍ය ඒකකය සූදානම් වන බව වාර්තා වේ.

 

මෙම ව්‍යාපෘතිය ඉදිරි මාසය තුළ ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිපාදන ද වෙන් කිරීමටද නියමිත වේ.

 

මීට පෙර ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද මෙහි නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ බවට කැළණිය විශ්වවිද්‍යාලයේ අනුක වෛද්‍ය විද්‍යා ඒකකයේ මහාචාර්ය මේනකා හපුගොඩ මහත්මික ප්‍රකාශ කොට සිටින අතර, මෙම මදුරුවන් දසලක්ෂය මුදා හැරීම සඳහා ගම්පහ ප්‍රදේශයේ හෙක්ටයාර් 300 ක භූමි ප්‍රදේශයක් ද තෝරා ගෙන ඇති බවට ඇය සඳහන් කර සිටී.

 

එසේම, මෙම ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර වශයෙන් ආධාර ලබා ගැනීමට ද අපේක්ෂා කෙරෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කොට සිටියාය.
 

views

284 Views

Comments

arrow-up