අනුර කුමාරගෙන් මහ බැංකු අධිපතිට දරුණු ප්‍රහාර
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

අනුර කුමාරගෙන් මහ බැංකු අධිපතිට දරුණු ප්‍රහාර

අනුර කුමාරගෙන් මහ බැංකු අධිපතිට දරුණු ප්‍රහාර

ණය නැවත නොගෙවන බවට මහ බැංකු අධිපතිවරයා විසින් පසුගිය වසරේ ගත් තීන්දුව හේතුවෙන් රටේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය හා ගැටගැසුණු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටී.

 

ඊයේ (07) පස්වරුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී  පැවැත්වුණු සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ කරුණු සාකච්ඡා කළ ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ 2022 වසරේ අප්‍රේල් මස 08 වනදා නව මහ බැංකු අධිපතිවරයා මහ බැංකුවට ගොඩ වූ සැණින් ගත් පළමු තීන්දුව වූයේ ශ්‍රී ලංකාවේ විදේශ ණය නොගෙවන බවට ගත් තීරණය බව යි.  

 

එය යම් ආකාරයක සැකයකට තුඩු දෙන කාරණයක් බව ද පෙන්වා දෙන ඔහු, රටේ මූල්‍ය බලය මුලුමනින්ම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට බවත්, එහෙත් කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුව වත් දැනුවත් කිරීමකින් තොරව මහ බැංකු අධිපතිවරයා විසින් ගත් මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පෙන්වා දෙන අතර යම් රටක් විදේශ ණය නොගෙවන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට යාම හැර එම රටට වෙනත් විකල්පයක් නොමැති බවද පෙන්වා දේ.

 

එසේම, ආසියානු සංවර්ධන බැංකුවෙන් හෝ වෙනත් එවැනි ආයතනයකින් මෙරටට ලබාගැනීමට හැකිව තිබූ සහන පවා එම තීන්දුවත් සමග ඇහිරී ගිය බවද ඔහු කියා සිටී.

views

349 Views

Comments

arrow-up