කැස්බෑ සම්පත සුරකින්න නාවික හමුදාවෙන් පියවරක්

2018 වසරේ සිට මේ දක්වා කැස්බෑ පැටවුන් 15,019 දෙනකු සාගරයට මුදා හැර ඇති බව නාවික හමුදාව පවසා සිටී.
නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ මෙලෙස කැස්බෑ පැටවුන් සාගරයට මුදා හැර ඇති බව එහි මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
පසුගිය 11 වනදා ද කැස්බෑ පැටවුන් 97 දෙනෙකු සාගරයට මුදා හළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.
වඳ වී යන සත්ව විශේෂයක් ලෙස සැලකෙන කැස්බෑවන් සංරක්ෂණය කර සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම වැඩසටහන නාවික හමුදාව විසින් ආරම්භ කර ඇති බව සඳහන් වේ.
353 Views
Comments