අදත් දිවයින පුරා අධික උණුසුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

අදත් දිවයින පුරා අධික උණුසුමක්

අදත් දිවයින පුරා අධික උණුසුමක්

අද දිනයේ නැගෙනහිර, උතුරුමැද පළත් සහ කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, මන්නාරම, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල උෂ්ණත්වය සැළකිය යුතු ලෙස ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඒ හේතුවෙන් වැඩි වේලාවක් එළිමහනට නිරාවරණය වීම මෙන්ම වැඩි වේලාවක් ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් විජලනය සහ මස්පිඬු පෙරලීම් වැනි තත්වයන් ඇති විය හැකි බවයි.

 

මේ අතර සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙන්නේ වැඩබිම්වල සිටින්නන් ජලය වැඩිපුර පානය කරන ලෙසත්, සෙවණ සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්ය.

 

එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
 

views

305 Views

Comments

arrow-up