නිතර හෙඩ්ෆෝන් පාවිච්චි කරනව නම් පරෙස්සම් වෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

නිතර හෙඩ්ෆෝන් පාවිච්චි කරනව නම් පරෙස්සම් වෙන්න

නිතර හෙඩ්ෆෝන් පාවිච්චි කරනව නම් පරෙස්සම් වෙන්න

අධික ශබ්දයෙන් යුතු ශ්‍රවණ උපකරණ භාවිතයෙන් තරුණ පිරිස් ශ්‍රවණාබාධවලට ලක් වීමේ වැඩි අවදානමක් පවතින බව උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසා සිටී.

 

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජංගම දුරකථන සහ සංගීතය නිකුත් වන උපකරණ භාවිතයේ දී පැහැදිලිව සවන්දීම සඳහා ශ්‍රවණ උපකරණ උපයෝගී කර ගැනීම පාලනයක් සහිතව සිදු කිරීම යෝග්‍ය බවයි.

 

ඇතැමුන් කන් පිරිසිදු කිරීම සඳහා විවිධ උපකරණ භාවිතා කිරීම හේතුවෙන් කන අභ්‍යන්තරයට හානි සිදු විය හැකි බවද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.
 

views

344 Views

Comments

arrow-up