සීදුවේ වෙඩිතැබීමකින් ත්‍රීරෝද රථ රියදුරෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

සීදුවේ වෙඩිතැබීමකින් ත්‍රීරෝද රථ රියදුරෙක් මරුට

සීදුවේ වෙඩිතැබීමකින් ත්‍රීරෝද රථ රියදුරෙක් මරුට

සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

 

විශ්‍රාමික යුධ හමුදා සෙබළකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන් වන අතර, වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි හතළිස් පස් හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකි.

 

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර සිටී.
 

views

322 Views

Comments

arrow-up