APR
15
ගෙවුණු පැය 24 දී හදිසි අනතුරු 185ක්

ගතවූ පැය 24 ක කාලය තුළ හදිසි අනතුරුවලට ලක්වූ 185 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.
රෝහල් බලධාරීන් පවසන්නේ මේ අය අතරින් 55 දෙනෙක් මාර්ග අනතුරුවලට ලක් වූවන් බවයි.
එමෙන්ම තවත් 44 දෙනෙකු ගැටුම්වලින් ද, 36 දෙනෙකු නිවෙස් තුළ සිදුවූ අනතුරු වලින්ද, තවත් 07 දෙනෙකු ගිනිකෙළි අනතුරු නිසා ද රෝහල් ගත කර ඇති බව රෝහල් බලධාරීන් වැඩිදුරටත් පවසා සිටී.
377 Views
Comments