අම්පාරේ නවයොවුන් දරුවෙක් වෙඩි තබාගෙන මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

අම්පාරේ නවයොවුන් දරුවෙක් වෙඩි තබාගෙන මිය යයි

අම්පාරේ නවයොවුන් දරුවෙක් වෙඩි තබාගෙන මිය යයි

අම්පාර, බණ්ඩාරදූව, මායාදුන්න ප්‍රදේශයේදී වයස අවුරුදු 15 ක පිරිමි ළමයෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

 

ඊයේ (21) පස්වරුවේ ඔහු සිය නිවසේ තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් උපයෝගී කරගෙන මෙලෙස වෙඩි තබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටී.

 

බරපතළ තුවාල ලැබූ මෙම දරුවා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

 

views

339 Views

Comments

arrow-up