කොළඹ වරායට පැමිණි ඉන්දුනීසියානු යුද නැව

'KRI Bima Suci' නමැති ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාව සුහද සංචාරයක් සඳහා අප්‍රේල් 20 දින උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.
දිගින් 112.2 m ක් වන මෙම නෞකාවේ අණදෙන නිලධාරී Commander M. Sati Lubis ඇතුළුව මුළු නිලධාරීන් 95 ක් සේවය කරයි.
බටහිර නාවික විධාන මූලස්ථානයේදී එහි අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක්ද සිදුව ඇති අතර එහිදී දෙපාර්ශ්වය අතර තිළිණ හුවමාරුවක්ද සිදු කෙරී ඇත.
මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලය තුළ එහි සේවක මණ්ඩලය දිවයිනේ විවිධ ස්ථාන නැරඹීමේ සංචාර සිදු කළ අතර එයට ශ්‍රී ලාංකික පුහුණු වන නාවික නිලධාරීන්ද එක්ව ඇත.
මෙම සුහද සංචාරය නිමා කරමින් අද දින KRI Bima Suci නෞකාව දිවයිනෙන් පිටත්ව යනු ඇති අතර එහිදී මෙරට නාවික හමුදාවේ පුහුණු නිලධාරීන් දෙදෙනෙකු ද නෞකාවට අනුයුක්ත වීමට නියමිතය.
309 Views
Comments