සකුරා මලින් හැඩ වූ ඌව වෙල්ලස්ස සරසවිය

ජපානයෙන් ගෙනවිත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රෝපණය කරන ලද සකුරා මල් ගස් මේ දින වල ඉතා මනස්කාන්ත අයුරින් මලින් බර වී ඇති ආකාරය දක්නට ලැබේ.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසා ඇත්තේ ජපන් - ශ්‍රී ලංකා සහයෝගිතාව මත මහාචාර්ය ආනන්ද කුමාර මහතා විසින් මෙම මල් ගස් අත්හදා බැලීමක් ලෙස විශ්වවිද්‍යාල භූමියේ රෝපණය කළ බවයි.
බදුල්ලේ පිහිටුවා ඇති මෙම විශ්වවිද්‍යාලයේ සකුරා මල් ගස් පැළ වීමට සුදුසු දේශගුණික තත්ත්වයක් පවතින බවට හැඟී යාම නිසා ගෙනැවිත් රෝපණය කළ මෙම ගසේ 2020 වසරේදී ද අලංකාර ලෙස මල් හටගත් බවත් මෙවර වසර 3 කට පසු යළිත් මලින් බරව ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ බදුල්ල - ඇල්ල ප්‍රදේශ වල සකුරා මල් වගා කිරීමට සුදුසු පාරිසරික තත්ත්වයන් ඇති බවට අනාවරණය වී ඇති බැවින් බදුලු සංචාරක පුරවරයේ සුන්දරත්වය තවත් ඉහළ නැංවීමට ජපානයට පමණක් ආවේණික සකුරා මල් වගාකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බවය.
366 Views
Comments